Thursday, March 29, 2018

Sinhala for Android

ඔන්න යාළුවනේ මං අද කියන්න හදන්නෙ සිංහල පෙන්නන්නෙ නැති ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් එකටත් සිංහල  භාෂාව ඉන්ස්ටෝල් කරන විදිහ.

මුලින්ම කියන්න ඕන මේ සදහා මම භාවිතා කරන ඇප් එකට Root permission ඉල්ලනවා.ඒ නිසා ඔයාගෙ ෆෝන් එකත් Root කරන්නෙ කොහොමද කියල මෙතනින් පිවිස බලන්න.

හරි,දැන් ඔයාගෙ ෆෝන් එක උඩ ලින්ක් එකෙන් බලල රූට් කලානම් පලමු පියවර සාර්ථකයි.

ඊට පස්සෙ මෙතනින් Iskola potha Font එක ඩවුන්ලෝඩ් කර ගන්න.

දැන් තියෙන්නෙ ඩවුන්ලෝඩ් කර ගත්ත ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරන වැඩේ.

ඒ සදහා අපි iFont කියන ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන..(6MB only)

ඒ සදහා මෙතනින් පිවිසෙන්න.


හරි දැන් App එකේ My->My Font ගිහිල්ල ඩවුන්ලෝඩ් කර ගත්ත font එක තියෙන storage location එකට ගිහින් select කරන්න.ඊට පස්සෙ ලැබෙන උපදෙස් අනුව ෆොන්ට් එක සෙට් කරන්න.
දැන් ලස්සනට සිංහල පෙන්නයි.ඒ විතරක් නෙවෙයි අලුත් ෆොන්ට් එක ඔයාට හොඳ නැත්තම් නැවත තිබිච්ච ෆොන්ට් එකටම restore කරන්න පුළුවන්.
ගැටලු ඇත්නම් Comment කරන්න.

No comments:

Sinhala for Android

ඔන්න යාළුවනේ මං අද කියන්න හදන්නෙ සිංහල පෙන්නන්නෙ නැති ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් එකටත් සිංහල  භාෂාව ඉන්ස්ටෝල් කරන විදිහ. මුලින්ම කියන්න ඕන මේ සදහා ම...