මේ වෙන කොට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.ඒ වගේම ගොඩක් දෙනෙක් මේ වෙනකොට තමන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ROOT කර ගන්න,එහෙම නැත්තම් SUPER USER PERMISSION ගන්න යොමුවෙලා තියෙනව.ඒ සිංහල පෙන්නන්නෙ නැති ඒවයෙ සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරන්න,ගේම් හැක් කරන්න වගේ දේවල් වලට.
ඉතින් අද අපි කතා කරන්නෙ මොකක්ද මේ රූට් කරනව කියන්නෙ,කොහොමද කරන්නෙ කියල.
රූට් කිරීමකදි සිද්ධ වෙන්නෙ අදාල ජංගම දුරකථනය හිමි සමාගම සතු අයිතීන් ඔබ යටතට පවරා ගැනීමක් වගේ වැඩක්.මුලින්ම කියන්න ඕන රූට් කිරීමකදි වාසි වගේම අවාසිත් තියෙන බව.
වාසි :-
*Custom ROM ඉන්ස්ටෝල් කිරීමේ හැකියාව.
*දුරකථනයෙහි Vershion OS Upgrade කිරීමේ හැකියාව.
*System APPs ඉවත් කල හැකි වීම.
*ඕනම ඇප් එකක ඇඩ් Block කිරීමේ හැකියාව.
*Boot logo එක වෙනස් කිරීමේ හැකියාව.
*USB OTG භාවිතා කිරීමට හැකිවීම.[Add External Storage]
අවාසි:-
*රූට් permission ඉල්ලන සමහර ඇප් ආරක්ෂාකාරී නොවීම.
*නිශ්පාදකයා විසින් ලබා දෙන warrenty cancel වීම.
*දුරකථනය Brick වීමේ හැකියාව.
*ඉහළ පෙලේ වයිරස ක්‍රියාත්මක වීමේ හැකියාව.
දැන් අපි බලමු පහසුවෙන්ම දුරකථනය රූට් කරන්නෙ කොහොමද කියල.ගොඩක් දෙනෙක් මේ සදහා පරිගණක ආශ්‍රිත ක්‍රම භාවිතා කරනව.ඒක අනවශ්‍ය කරදරයක්.ගොඩක් Data ත් කැපෙනවා.ඒත් මම හදුන්වා දෙන ක්‍රමය මගින් ඉතාමත් සුළු කාලයකදි,Data ඉතාමත් සුළු ප්‍රමාණයකින් ආරක්ෂා සහිතව රූට් කරන්න පුළුවන්.
මං මේ සදහා KINGO ROOT ඇප් එක භාවිතා කරනව.
ඉස්සෙල්ලාම මෙතනින් පිවිස ඇප් එක බාගත කර ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ ඉහත රූපයේ පරිදි දිස් වේවි. phone එකේ ඩේට ඔන් කරල one click root දෙන්න.
දැන් ඔබේ දුරකථනය රූට් වෙනව.ටික වෙලාවක් යාවි.ඩේට ඔන් එකේම තියාගන්න.මොකද මේක ඔන්ලයින් progress එකක්.ඊට පස්සෙ screen එකේ rooted කියල වැටේවි.දැන් App menu එකට ගිහින් බලන්න Super user කියල ඇප් එකක් ඉන්ස්ටෝල් වෙලාද කියල.අන්න එහෙමනම් ඔබේ දුරකථනය නිවැරදි ලෙස රූට් වෙලා.සමහර විට එකපාරෙන් සාර්ථක නොවුනොත් කිහිප වතාවක් උත්සාහ කර බලන්න.
වැඩි විස්තර සදහා මෙතනින් පිවිස බලන්න.
[සැ.යු.-මෙහිදී ඔබේ දුරකථනයට වන හානි සදහා අප වග කියනු නොලැබේ.]

No comments:
Post a Comment